ඉන්දීය සුපිරි ක්‍රීඩකයෙකු ආබාධ තත්ත්වයක් හේතුවෙන් එළඹෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙලෙස ආබාධ තත්ත්වයකට පත්ව ඇත්තේ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාය. ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට පසුගිය ආසියානු කුසලාන පන්දුවාර 20යි විස්ස ක්‍රිකට් තරගාවලියද අහිමිවිය. කෙසේ වෙතත් පසුව ඔහුට දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි සඳහා එක්වීමට අවස්ථාව ලැබුණි. එසේ වුවද එම තරගාවලිය අතරතුර ඇතිවූ දැඩි වේදනාකාරී තත්ත්වයක් හේතුවෙන් නැවතත් ස්කෑන් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහි ප්‍රතිඵල ලැබීමට නියමිතව ඇත.
කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. 2022 ඔක්තෝබර් 01 වනදා සිට සෑම සති අන්තයකම එම දුම්රිය ධාවනයවීමට නියමිතය. නව සංචාරක දුම්රිය පෙ.ව. 6.30ට කොළඹ කොටුවෙන් පිටත්වන අතර පෙරවරු 9.18ට මහනුවරට ළගාවීමට නියමිතය. නැවතත් පස්වරු 4.50ට මහනුවරින් පිටත් වන දුම්රිය පස්වරු 7.40ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණේ. දළදා මාළිගාව වැඳපුදා ගැනීමට සහ පේරාදෙණිය මල්වත්ත නැරඹීමට පැමිණෙන සංචාරකයින් ඉලක්ක කරගනිමින් මෙම විශේෂ දුම්රිය සැලසුම් කර ඇත. පළමු පන්තියේ ටිකට් පතක මිල රුපියල් 2,000ක් වන අතර 2 වන පන්තියේ ටිකට් පතක මිල රුපියල් 1,500කි. මීට අමතරව කොටුව සිට අනුරාධපුරය දක්වා ද නුදුරේදී ම විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් අරම්භ කිරීමට ද නියමිතය.