කාන්තාවකට අමානුෂික ලෙස පහරදෙන සිද්ධියක් වාර්තාවී තිබේ.
ඇයගේ සැමියා විසින් එලෙස පහරදී ඇති අතර අවස්ථා කිහිපයකදීම ඇයගේ හිස විදුලි කණුවක සහ කොන්ක්‍රීට් කොටසක ගැටීමට ඔහු උත්සාහ ගෙන තිබුණි.
අදාළ සිද්ධිය සිදුවී තිබුණේ ඊයේ (28) මූතුර් පොලිස් වසමට අයත් කිලිවෙට්ටි ප්‍රදේශයේදීය.
ප්‍රහාරය එල්ලවෙන අවස්ථාවේ විශාල පිරිසක් එම ස්ථානයේ සිටියත් ඇයව බේරාගැනීමට මැදිහත් වෙන ආකාරයක් දක්නට ලැබුණේ නැත.
ඒ අසල සිටි පුද්ගලයෙක් එම සිද්ධිය ජංගම දුරකථනයකින් වීඩියෝ කර තිබුණි.
පහරදීම සිදුකළ එම කාන්තාවගේ සැමියා අද පස්වරුව් මූතුර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. 2022 ඔක්තෝබර් 01 වනදා සිට සෑම සති අන්තයකම එම දුම්රිය ධාවනයවීමට නියමිතය. නව සංචාරක දුම්රිය පෙ.ව. 6.30ට කොළඹ කොටුවෙන් පිටත්වන අතර පෙරවරු 9.18ට මහනුවරට ළගාවීමට නියමිතය. නැවතත් පස්වරු 4.50ට මහනුවරින් පිටත් වන දුම්රිය පස්වරු 7.40ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණේ. දළදා මාළිගාව වැඳපුදා ගැනීමට සහ පේරාදෙණිය මල්වත්ත නැරඹීමට පැමිණෙන සංචාරකයින් ඉලක්ක කරගනිමින් මෙම විශේෂ දුම්රිය සැලසුම් කර ඇත. පළමු පන්තියේ ටිකට් පතක මිල රුපියල් 2,000ක් වන අතර 2 වන පන්තියේ ටිකට් පතක මිල රුපියල් 1,500කි. මීට අමතරව කොටුව සිට අනුරාධපුරය දක්වා ද නුදුරේදී ම විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් අරම්භ කිරීමට ද නියමිතය.
Comments
Post a Comment