කාන්තාවකට අමානුෂික ලෙස පහරදෙන සිද්ධියක් වාර්තාවී තිබේ.
ඇයගේ සැමියා විසින් එලෙස පහරදී ඇති අතර අවස්ථා කිහිපයකදීම ඇයගේ හිස විදුලි කණුවක සහ කොන්ක්‍රීට් කොටසක ගැටීමට ඔහු උත්සාහ ගෙන තිබුණි.
අදාළ සිද්ධිය සිදුවී තිබුණේ ඊයේ (28) මූතුර් පොලිස් වසමට අයත් කිලිවෙට්ටි ප්‍රදේශයේදීය.
ප්‍රහාරය එල්ලවෙන අවස්ථාවේ විශාල පිරිසක් එම ස්ථානයේ සිටියත් ඇයව බේරාගැනීමට මැදිහත් වෙන ආකාරයක් දක්නට ලැබුණේ නැත.
ඒ අසල සිටි පුද්ගලයෙක් එම සිද්ධිය ජංගම දුරකථනයකින් වීඩියෝ කර තිබුණි.
පහරදීම සිදුකළ එම කාන්තාවගේ සැමියා අද පස්වරුව් මූතුර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉන්දීය සුපිරි ක්‍රීඩකයෙකු ආබාධ තත්ත්වයක් හේතුවෙන් එළඹෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙලෙස ආබාධ තත්ත්වයකට පත්ව ඇත්තේ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාය. ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට පසුගිය ආසියානු කුසලාන පන්දුවාර 20යි විස්ස ක්‍රිකට් තරගාවලියද අහිමිවිය. කෙසේ වෙතත් පසුව ඔහුට දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි සඳහා එක්වීමට අවස්ථාව ලැබුණි. එසේ වුවද එම තරගාවලිය අතරතුර ඇතිවූ දැඩි වේදනාකාරී තත්ත්වයක් හේතුවෙන් නැවතත් ස්කෑන් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහි ප්‍රතිඵල ලැබීමට නියමිතව ඇත.
Comments
Post a Comment